
කොළඹ, මහනුවර, රත්නපුර, යාපනය සහ වවුනියාව දිස්ත්‍රික්කවල පවතින අධික වායු දූෂණය හේතුවෙන් අවධානයෙන් සිටින ලෙස පරිසර අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
එළිමහන් ක්‍රියාකාරකම්වලදී මුඛ ආවරණ පැළඳිය යුතු බව අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ස්වසන සහ හෘද රෝග ඇති ළමයින්ට සහ වැඩිහිටියන්ට උපදෙස් දුන්නේය.
ඉන්දියාවේ වායු දූෂණය සුළඟ හරහා ශ්‍රී ලංකාවේ වායු අවකාශයට ඇතුළු වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක වාතයේ ගුණාත්මක භාවය පිරිහී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) පවසයි.
අද දිනයේදී වාතයේ ගුණාත්මක භාවයට දැඩි බලපෑම් එල්ල වී ඇති බව වාර්තා වන ප්‍රදේශ කිහිපයකට NBRO අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
නගර රැසක වායු දූෂණය ඉහළට... පරිස්සම්වීම වැදගත් හදිසියේම මෙවැනි තත්ත්වයක් ඇති වුණේ ඇයි?sri lanka air pollutionsri lanka air pollution due to india
0 Comments